
කෑම උයද්දි සේර එකතු කරන්න ඕන ඇයි කියලා දන්නවද?
- Health Tips
- 26 Feb, 2022
පැඟිරි පවුලට අයත් ශාකයක් වන සේර මද පැණි රස ගතියකින්ද යුක්තය. බොහෝමයක් රෝග සුව කිරීම සඳහා භාවිතා කරන සේර ඖෂධීය ගුණයෙන් පොහොසත්ය.
සේර වල ගුණ:
- පිළිකා සෛල විනාශ කිරීමේ හැකියාව ඉතා ඉහළය.
- කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව හා උණ සමනය කිරීමේ හැකියාවක් පවතියි.
- සමට ප්‍රතිකාර කර, කුරුලෑ, දද හා කුෂ්ඨ සුව කරයි.
- රුධිර සංසරණය ක්‍රමවත් කරමින්, සම පිරිසිදු කරයි.
- විෂ හරණය කරයි.
- ආහාර ජීර්ණය පහසු කරවයි.
- මළ බද්ධය, අජීර්ණය වැනි උදර ගැටලු සමනය කරයි.
- අධි රුධිර පීඩනයට ගුණ දායකය.
- හෘද සෞඛ්‍යයට හිතකර වේ.
සේර විටමින් A, B, C සහ සින්ක්, මැග්නීසියම්, කැල්සියම්, පොටෑසියම්, යකඩ වැනි පෝෂ්‍ය පදාර්ථ වලින් අනූන වේ. රුධිරයේ සීනි මට්ටම අඩු කිරීමේ හැකියාව සේර වලට ඇති බැවින්, දියවැඩියා රෝගීන්ගේ ආහාර වේලට සේර එකතු කර ගැනීමට පෙර වෛද්‍ය නිර්දේශයක් ලබා ගැනීම සුදුසුය. එසේම සේර වල පවතින රසායනික ද්‍රව්‍ය වල ක්‍රියාකාරිත්වය හේතුවෙන් ගැබිනි සහ කිරි දෙන මව්වරුන් සේර පරිභෝජනයෙන් වැළකී සිටීම සුදුසුය.