
දිව ඔසුවක් වන් ඉඟුරු!
- Health Tips
- 26 Feb, 2022
අපට හුරුපුරුදු තේ කෝප්පය රස ගන්වන ඉඟුරු වල ඖෂධීය වටිනාකම ශරීරයට බොහෝ ප්රතිලාභ හිමිකර දෙයි.
- අංශභාගය (Paralysis) හා හෘද රෝග ඇතිවීම වළක්වයි.
- ඇල්සයිමර්ස් (Alzheimer's) රෝගය ඇතිවීම වළක්වයි.
- බර අඩු කර ගැනීමට උපකාරී වේ.
- මාංශපේශී (Muscles) වල වේදනාවන් සමනය කරයි.
- උදෑසන උදාසීන ස්වාභාවය නැති කරයි.
- රුධිරයේ ග්ලූකෝස් මට්ටම නිසියාකාරව පවත්වාගෙන යාමට උපකාරී වේ.
- පෝෂණ සංඝටක (Nutrients) ශරීරයට අවශෝෂණය (Absorption) කර ගැනීමට උපකාරී වේ.
- රුධිර සංසරණය (Blood circulation) වැඩිදියුණු කරයි.
- දියවැඩියාවෙන් (Diabetes) ආරක්ෂා කරයි.
- උදරයේ ගෑස් ඇතිවීම වළක්වයි.
- දිලීර ආසාදන (Fungal infections) සමනය කරයි.
විටමින් C, මැග්නීසියම්, පොටෑසියම්, කොපර් හා මැංගනීස් වැනි පෝෂ්‍ය පදාර්ථ රැසකින් සමන්විත ඉඟුරු ඔබේ ආහාර වේලට එකතු කර ගත හැකි නම්, බොහෝ සෞඛ්‍යමය ප්රතිලාභ අත්විඳිය හැකිය.