
රස, ගුණ රැකෙන්න පලා වර්ග හදාගන්නෙ මෙහෙමයි
- Health Tips
- 26 Feb, 2022
පලා වර්ග සකස් කර ගැනීමේදී රසය ගැන මෙන්ම පෝෂණය පිළිබඳවද වඩාත්ම සැලකිලිමත් විය යුතු අතර ඖෂධීය ගුණය නොනැසෙන සේ පලා වර්ග සකස් කරගැනීම මගින් ශරීරයට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ ඒ අයුරින්ම ලබාගත හැකිය. පලා වර්ග ආහාරය සඳහා සකස් කරගැනීමේදී අවධානය යොමු කළ යුතු වැදගත් කරුණු කීහිපයක් මෙම ලිපියෙන් ඔබට ගෙන ඒමට සාරකෙත අපි අපේක්ෂා කරන්නෙමු.
පලා වර්ග වලින් මැල්ලුම් සැකසීමේදී මැටි බඳුනක් භාවිතා කිරීම වඩාත් සුදුසුය. එසේම මැටි බඳුන ලිප තබා තෙල් හෝ බටර් ස්වල්පයක් එකතු කර ගැනීමෙන් පලා වල අඩංගු මේද සහ විටමින් ශරීරයට අවශෝෂණය කරගැනීම වඩාත් පහසු කරවයි.
එසේම පලා වර්ග වලට දෙහි හෝ ලුණු එකතු කළ යුත්තේ මැල්ලුම ලිපෙන් පිටතට ගෙන මඳ වේලාවකින් පසුව බව මතක තබා ගන්න.
පලා වර්ග එකතු කරගනිමින් සම්බෝල සකස් කර ගැනීමේදී ආහාරයට ගන්නා වේලාව ආසන්නයේදී පොල් කවලම් කිරීමෙන් එහි නැවුම් බව සහ රසය ආරක්ෂා කරගත හැකිය. එසේම ව්‍යංජනයක් ලෙස පලා වර්ග සකස් කර ගැනීමේදී ව්‍යංජනය ලිපෙන් පිටතට ගැනීමට ආසන්නයේ පලා එක් කර ගැනීමෙන් ගුණාත්මකභාවය සුරැකෙන ලෙස පලා ව්‍යංජනය සකස් කරගත හැකිය.
කොළ වර්ග කීපයක් යොදා සකස්කර ගන්නා කලවම් පලා මැල්ලුම, සම්බෝලය හෝ ව්‍යංජනය පෝෂණ ගුණයෙන් බොහෝ ඉහළ ආහාරයකි.