
ශරීරයේ බර අඩු කරන අමු මිරිස්
- Health Tips
- 26 Feb, 2022
පුරුද්දට වගේ කෑමට එකතු කරන අමු මිරිස් වල ගුණය ගැන දන්නවද?
දිනපතා ආහාර රසගැන්වීමට අමු මිරිස් භාවිතා කළත්, අමු මිරිස් වල අන්තර්ගත පෝෂණ ගුණය පිළිබඳව බොහෝ පිරිසකට අවබෝධයක් නැහැ. ඇත්තටම අමුමිරිස් වල අපි නොදන්න ගුණ සම්භාරයක් ගැබ් වෙලා තියෙනවා.
- ශරීරයේ ඇති බැක්ටීරියා වල අහිතකර බලපෑම් දුරු කරයි.
- ඉදිමුම (Swelling) සහිත තදබල වේදනා තත්ත්වයන්ට සහනය සලසයි.
- කැස්ස, ඇදුම (Asthma) සහ සෙම්ප්රතිශ්යාව (Common cold) වැනි පෙනහළු (Lungs) ආශ්රිත ගැටලු වළක්වයි.
- ප්රතිශක්තිකරණ (Immunity) හැකියාව වර්ධනය කරයි.
- ආහාර දිරවීම (Digestion) පහසු කරවයි.
- පෙනීම වැඩි දියුණු කරයි.
- ශරීරයේ බර අඩු කර ගැනීමට උපකාරී වේ.
- සම දීප්තිමත් කරයි.
- හිසකෙස් වල නිරෝගී බව වැඩිදියුණු කරයි.
අමු මිරිස් මේ වගේ බොහෝ ගුණ වලින් සමන්විත වුනත්, අමු මිරිස් අධික ලෙස ආහාරයට ගැනීම ශරීරයට අහිතකර වෙන්න පුළුවන්. ඒ නිසා නියමිත ප්රමාණයෙන් අමු මිරිස් ආහාරයට ගැනීම පිළිබඳව සැලකිලිමත් වීම බොහෝ වැදගත්!