
ශරීරය සිසිල් කරන කොමඩු
- Health Tips
- 15 Nov, 2021
අපේ සිරුරේ උෂ්ණත්වය සමතුලිතව තියාගන්න වගේම සම වියලීම පාලනය කර ගන්නටත් කොමඩු ඉතාමත් සුදුසුයි. මළබද්ධයෙන් (Constipation) පීඩා විඳින කෙනෙකුට කොමඩු ආහාරයට ගැනීමෙන් ඉන් මිදෙන්න පුළුවන්. හදවත් රෝගවලටත් කොමඩු බෙහෙවින් ගුණදායකයි.
ගැස්ට්රයිටිස් රෝගයෙන් පීඩා විඳිනවානම් අතුරුපසක් විදියට, නැතිනම් Juice එකක් විදියට කොමඩු කෑම වේලට එකතු කරගැනීමෙන් සහනයක් ලබාගන්න පුළුවන්. අර්ශස් රෝගය පාලනය කරන්නටත් කොමඩු හොඳ පළතුරක්. සම පැලෙනවා නම්, වියලෙනවා නම් ඉන් සුවය ලබන්නත් කොමඩු නිතර නිතර ආහාරයට ගන්න.