
සමට සුව ගෙනෙන දෙහි!
- Health Tips
- 26 Feb, 2022
විවිධාකාරයෙන් නිතර ආහාරය වේලට එකතු කරගන්නා දෙහි තුල අප නොදැන සිටි ගුණ සම්භාරයක් කැටිවී තිබේ. ආහාර රස ගන්වන ස්වාභාවික රසකාරකයක් ලෙස භාවිතා කෙරෙන දෙහි වල ඖෂධීය ගුණයන් බොහෝ ප්‍රමාණයක් ගැබ්වී ඇත.
- දෙහි වල අඩංගු තෙල් ස්රාවය, සම සුවපත් කරයි.
- හිස්හොරි නිසා ඇතිවන අසාත්මිකතා (Allergies) වලට ඖෂධයකි.
- හිසකෙස් වල ප්‍රාණවත් (Vitality) බව සුරකියි.
- කුෂ්ට (Skin rashes and pimples), විසප්පු (Cysts) හා ඉදිමුම් (Swelling) වලට විශ්මිත ප්‍රතිකාරයකි.
- උදරාබාධ (Abdominal discomfort/ailments) සමනය කරයි.
- සන්ධි ඉදිමුම් (Joint swelling), සන්ධි වේදනා (Joint pain) තත්ත්වයන් සුව කරයි.
- ශරීරයේ උෂ්ණත්වය පාලනය කරයි.
- මේද දහනය (Burn Fat) සඳහා මෙන්ම ශරීරයේ බර අඩු කර ගැනීම සඳහා ද උපකාරී වේ.
- ආහාර ඉක්මනින් ජීරණය කරයි.
- මලබද්ධය (Constipation) වළක්වයි.
- රුධිරයේ අඩංගු සීනි ප්‍රමාණය පාලනය කරයි.
විටමින් A, B6, C, E මෙන්ම නියාසින්, තයමින්, ෆෝලේට්, රයිබොෆ්ලේවින්, කොපර්, මැග්නීසියම්, පොටෑසියම්, සින්ක්, පොස්පරස් වැනි පෝෂ්‍ය පදාර්ථ ගණනාවකින් සැදුම් ලත් දෙහි ඔබේ ආහාර වේලට හැකි සෑම විටම එකතු කරගෙන, නිරෝගී දිවියක ප්රතිලාභ අත්විඳින්න!